WooW

සත 75ක් ඉනේ ගහන් ඇවිත් ලංකාවේ ලොකුම සල්ලිකාරයෙක් වුන තරුණයාගේ කතාව

ජීවිතය අර්බුධ රැසකට ලක්ව තිබියදී ශත 75 ක් රැගෙන කොලඹට පැමිණ ධෛර්යය නිසා විශිෂ්ටයකුවූ දැවැන්ත ව්‍යාපාරිකයා පිළිබද ඔබ අසා තිඛෙනවාද ? ඒ සුප්‍රකට ව්‍යාපාරිකයකු මෙන්ම ඉහලම දානපතියකු ලෙස සැලකුණු එච් කේ ධර්මදාස මහතායි. මේ වත්මන් පරපුරට ආදර්ශයක් වන ඔහුගේ සාර්ථකත්වයේ කතාවයි.

දුක දිනා ජීවිතය ජයගත් ලාංකිකයන් අතර විශිෂ්ටයෙකු ලෙස දේශමාන්‍ය H.K.ධර්මදාස මහතා හැදින්විය හැකිය එතුමන් ඒ නමින් හදුන්වනූ ලැබූවද ලොවක් ඔහුව දැන සිටිනුයේ නවලෝක මුදලාලී යන අනුවර්ත නාමයෙනුයි

මාතර ස්වේතානා ගොඩදී උපත ලැබූ H.K ධර්මදාස මහතා කුඩා කාලයේදී හදුන්වනු ලැබුවේ කලු මහත්තයා ලෙසයි වයස අවුරුදු 13 වන විට තම පියාගේ හදීසි අභාවය හේතුවෙන් ජීවත්වීම සදහා අරගලයක නිරත වන්නට එතුමාට සිදුව තිබුණා

ඒ අනුව සිය පියාගේ අවසන් කටයුතුවලට පසුව තමන් සතුව තිබූ ශත75 ක මුදලත් ඇදුම් කිහිපයකුත් පත්තර කෑල්ලක දවටා ගනිමින් ඔහු කොළඹ පැමිණ තිබෙනවා එසේ පැමිණියද රැකියාවක් සොයා ගැනීමේ ගැටලුව හේතුවෙන් කෙටි කලකින්ම යළිත් ගම රට බලා යන ඔහු වෙළද සැලක සුළු සේවකයෙකු ලෙස වසර දෙකක කාලයක් රැකියාවේ නිරතවෙනවා

ඔහු යළිත් කොළඹ පැමිණ තිබුණේ සුළු සේවකයෙකු ලෙස වෙළෙඳසැලක සේවය කිරීම සදහා වූ අතර වැඩි කාලයක් ජීවීතය කර තිබුණේ දැඩි දුෂ්කරතාවයන් පිරි කටුක ජීවිතයත් සමගයි පසුව සුළු මුදලක් එක් රැස් කර ගන්නා ඔහු ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනය සැබෑ කර ගැනීමට සමත්වනවා

එකල කොළඹට පැමිණි සියලුම කරත්ත පෑලියගොඩ හරහා කොළඹට පැමිණීම මුල් කර ගනිමින් සිය ව්‍යාපාරය පෑලියගොඩ නගරයේදී ඔහු විසින් ආරම්භ කරනු ලබනවා පරාජයන් ආ ඇදවැටීම් හමුවේ වුවද දිරියෙන් යුතුව ඔහු ගත කල ජීවිතය තවත් වෙනස්කමකට ලක්වූයේ මිලීන් නෝනා මහත්මිය සමග විවාහ ජීවිතයට එලැබීමත් සමගයි

අනතුරුව ශත 75 අත තබාගෙන කොළඹට ආ ධර්මදාස තරුණයා තේ පොල් රබර් වෙළ්දාම ක්‍රමයෙන් දියුණු අර ගනිමින් ලී වෙළදාමට හා කොන්ත්‍රාත් කටයුතු සඳහාද සිය හායකත්වය ලබා දෙනවා තම ව්‍යාපාරයන් පවා ආගම දහමට ලැදිව සිදු කරන ධර්මදාස මහතා ගවමස් කෑම සහ මත්පැන් පානයට තදින්ම අකමැත්ත දක්වා සිටියා

1977 වසරේදී විවෘත ආර්ථිකය හදුන්වා දීමෙන් පසු දේශිය ව්‍යාපාරයෙන් මුහුණ දුන් අභියෝගයන්ද ඔහු විසින් සාර්ථකව ජයග්‍රහණය කරනු ලැබූවා ඒ අනුවයි අදවන විට දැවැන්තව නැගී සිටින නවලෝක සමූහ ව්‍යාපාරය නිර්මාණය වන්නේ

ඉතා දැඩි කැපවීමෙන් ජීවිතය ජයගත් ධර්මදාස මහතා තමන් විදි දුෂ්කරතාවයන් කිසි දිනෙක අමතක කර තිබුනේද නැත ඒ හේතුවෙන් බොහෝ සේ සමාජය වෙත සිය ධනය නිර්ලෝභීව වැය කළ ධානපතියෙකු ලෙසයි ඔහු හැදින්වෙන්නේ

සිය පියාගේ අභාවයෙන් අසරනව ජීවිතය දුකින් මිරිකී යද්දී අභියෝගයන්ට සාර්ථකව මුහුන දෙමින් එතුමන් ලබා ගත් ජයග්‍රහණයන් අද තරුණ පරපුරට කදිම ආදර්ශයක් බව සදහන් කල හැකියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *